මේ වනවිට මෙරට තුල මතුව ඇති ඉල්ලුමට සරිලන ලෙස , මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත.
එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවේ, කොරෝනා වෛරසයත් සමග වෙළෙඳ පොළේ පවතින මුඛ ආවරණ හිඟයට විසඳුම් ලෙස මෙම පියවර ගෙන ඇති බවය.
කඩිනමින් මුඛ ආවරණ නිෂ්පාදනය ඉහළ නංවන ලෙසට දේශීය නිෂ්පාදකයින්ට ද උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කළේ ය.