නවතම පුවත්

විග්නේෂ්වරන්ට එරෙහි නඩුව කල් යයි

අසංක

අසංක

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ විභාගය මැයි මස 18 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

මෙම පැමිණිල්ල අද (28) අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබුණි.

එහිදී දෙපාර්ශවය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නඩුවේ විභාගය මැයි මස 18, 19 සහ 20 යන දිනවල පැවැත්විය යුතු බවට තීරණය විය.

උතුරු පළාත් සභාවේ හිටපු ධීවර අමාත්‍ය ඩෙනිශ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

2017 වසරේ එම අමාත්‍යධූරයෙන් තමා ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉවත් කළ බවත් ඊට එරෙහිව තමා අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවත් පැමිණිල්ලේ සටහන් වේ.

එම නඩුව විභාග කළ අභියාචනාධිකරණය තමන්ව නැවත අදාළ අමාත්‍යධුරයේ පිහිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන තිබුණත් එය ක්‍රියාත්මක කිරීම හිටපු ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය ඩෙනිශ්වරන් මහතා පවසයි.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්