මුතුරාජවෙල පරිසර විනාශයට රජයේ ඇමැතිවරු සම්බන්ධයි – ජනපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනාම සම්පතක් වන මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් අමාත්‍යවරුන්ගේ සම්බන්ධතා තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම දැවැන්ත පරිසර විනාශය වළක්වාගත යුතු බවද ජනපති සඳහන් කළේය.

අද (05දා) පෙරවරුවේ දිවුලපිටිය මහජන කි‍්‍රඩාංගණයේ පැවති ,රට වෙනුවෙන් එකට සිටිමු, ගම්පහ දිස්ති‍්‍රක් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් ප්‍රකා කළ ජනාධිපතිවරයා

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නිතිපතිවරයා විසින් තමා වෙත දන්වා තිබෙන බවයි.

මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැඟෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතැබිය යුතු බව ද කියා සිටියේය.