නවතම පුවත්

මුදල් සංශෝධන කෙටුම්පතට හඳුන්නෙත්තිගෙන් පෙත්සමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කර ඇති ‘මුදල් සංශෝධන පනත් කෙටුම්පත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

මුදල් ඇමැතිවරයා  විසින් ඉදිරිපත් කර ඇති එම කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම්  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ  ජනමත විචාරණයකින්  සම්මත විය යුතු බවට  නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන්  ඉල්ලා  තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිගු කලක් කටයුතු කල සුනිල් හඳුන්නෙත්ති මහතා 2012-2020 අතර කාලයේ දී කෝප් කමිටුවෙ හි සභාපතිවරයා ලෙස ද  කටයුතු කළේය.

එහිදී ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන්  එක්වී කල මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්  කරුණු අනාවරණය කර ගැනීමට සමත් වූ බව පෙත්සම්කරු කියයි .

මෙම නව සංශෝධනය ඔස්සේ නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල කර ගැනීමට අවසර සලසා ඇති බවට චෝදනා කර සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්