මුරලිගේ ෆිල්ම් එකට ජනප්‍රිය ක්‍රිකට් තරු රැසක් රඟපා‍න්න එයි

Picture of අසංක

අසංක


මුත්තයියා මුරලිදරන්ගේ චරිතය ඇසුරින් තමිල්නාදුවේ නිර්මාණය කෙරෙන ද්‍රවිඩ චිත්‍රපටයට ලොව ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් රංගනයෙන් එක්වීමට නියමිතය.

ඒ අනුව සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් , ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටින් ,හිටපු ඉන්දීය නායක සුනිල් ගවස්කාර් ඇතුළු ලොව සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් මෙම චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය ලබාදෙනු ඇත.

එසේම ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා,ටී එම් දිල්ශාන් , හෂාන් තිලකරත්න, රෙෂාන් මහානාම, සනත් ජයසූරිය, හා ලසිත් මාලිංග යන යද මීට රංගනයෙන් එක්වීමට නියමිතව ඇත.

මෙම චිත්‍රපටය ලබන වසරේ තිරගත කිරීමට නියමිත අතර මුරලිගේ චරිතයට පනපොවන්නේ ජනප්‍රිය දමිළ නළු විජේ සේදුපතිය.