නවතම පුවත්

මුල්‍ය සහනය දෙන්න සැපිරිය යුතු අවශ්‍යතා සියල්ල සම්පූර්ණයි – IMF

අසංක

අසංක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන ලබාදීම සඳහා ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ කර ඇති බව එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය සුබ්‍රමනියන් මහතා පවසයි.

ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාළ ක්‍රියාවලිය අවසන් වනු ඇති බව ද හෙතෙම කියාසිටියේ අද(26) දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී ය.

දුෂ්කර අවස්ථාවන් හිදී සිදු කරන බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලාංකේය නායකත්වය විසින් ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කළ යුතු බව ද ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂවරයා කියාසිටි.

ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා සිදු කරන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට මෙරට බලධාරීන් කරන කැපවීම අගයන බව දආචාර්ය සුබ්‍රමනියන් මහතා පැවසීය.

“අපි ඔබ වෙනුවෙන් සෘජුව ඉදිරියට ක්‍රීඩා කරන අතර අවශ්‍ය විටෙක, අපි කවර් ඩ්‍රයිව් ද ක්‍රීඩා කරනනෙමු.” යැයි ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිත වාග් මාලාවෙන් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

රට මුහුණ දී ඇති පෙර නොවූ විරූ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා දේශීය ඉල්ලුමට සරිලන පරිදි සහ අපනයනය වෙනුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී IMF නියෝජිත පිරිස දැනුවත් කළේය.

අත්‍යවශ්‍ය නොවන ආනයන අඩු කිරීමට සහ අපනයන නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම සමාජයේ දුප්පත්ම කොටස් සඳහා සුබසාධනයේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සැලසුම් සකස් කිරීමේදී ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ආරක්‍ෂිත දැලක් අත්‍යවශ්‍ය වන බව ද ආචාර්ය සුබ්‍රමනියන් මහතා පැවසීය.

රාජ්‍ය අංශයට අවම වශයෙන් වැටුප් සහතික කර ඇති නමුත් තවත් බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් කැපකිරීම් කිරීමට සූදානම් විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

2018 සිට 2021 දක්වා ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ලෙස කටයුතු කළේ ආචාර්ය සුබ්‍රමනියන් මහතායි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්