එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සමගි ජනබලවේගය හා එක්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇත.
සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ අද(28) පාර්ලිමේන්තුවේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මේ බව ප්‍රකාශ කළේය.
සැබෑ ජාතික සමගිය පවත්වා ගැනීම සඳහා ඇති කර ගත් පෙරමුණක් ලෙස සමගි ජනබලවේගය හැඳින්විය හැකි බවත් ඒ අනුව එම බලවේගය සමග එක්වීමට තීරණය කල බවත් හකීම් මහතා පැවසීය.
මෙම බලවේගය ප්‍රතිපත්ති මත අලුත් ගමනක් යෑමට සුදානම් යන පණිවිඩය මේ වන විට ජනතාවට ලබා දී අවසන් බවත් ඒ මහතා පැවසීය.