මූලික වන්දි ගෙවීමට නැව් සමාගම එකඟවේ !

xpress pearl
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරටට සිදුවූ හානියට අදාළ මූලික වන්දි ගෙවීමට කඩිනමින් පියවර ගන්නා බව නෞකාවේ හිමි සමාගම දැනුම්දී ඇත .

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් සඳහන් කළේ, මූලික වන්දි ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 40 ක වන්දි ඉල්ලා ඇති බවය.

ඒ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව කඩිනමින් අදාළ මුදල් මෙරටට සිදුවූ හානි වෙනුවෙන් ගෙවීමට කටයුතු කරන බව නෞකාව හිමි සමාගම දැනුම්දී තිබේ.