ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් වෙනම මධ්‍යස්ථානවල රඳවා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා මධ්‍යස්ථාන කිහිපයක් කඩිනමින් සූදානම් කිරීමටද අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
මේ අතර කොරෝනා වෛරසය සීඝ්රයෙන් ව්‍යාප්ත වන ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණි 2000 කට අධික පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක් කරමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී.
දැනට ඔවුන් රැඳී සිටින ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් මෙම කටයුතු සිදු කරන බවද අමාත්‍යංශය සඳහන් කර ඇත.