මෙරටට ලද කොවිඩ් එන්නත් කෝටිය ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට මේ වනවිට  හිමිව ඇති සමස්ත කොවිඩ් එන්නත් මාත්‍රා  ප්‍රමාණය කෝටිය ඉක්මවන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටී.

ඒ අතර ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 1,264,000 ක්  චීනයේ සයිනොෆාම් එන්නත් 7,100,000ක් , රුසියාවේ  ස්පුට්නික් V එන්නත් මාත්‍රා 180,000ක් ,  ෆයිසර් එන්නත් මාත්‍රා 128,700ක් හා මොඩර්නා එන්නත් මාත්‍රා 1,500,000ක් ද වන බව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය.

මේ අතරින් කොවිඩ් මාත්‍රා 3,364,100ක් මෙරටට ලැබී ඇත්තේ ප්‍රදානයන්  ලෙස බවත් පැවසු චන්න ජයසුමන මහතා එන්නත් මාත්‍රා 6,808,700ක් රජය විසින් මිල දී ගෙන ඇතැයි ද පැවසීය.

ඉදිරි සති දෙක තුළ සිනොෆාම් එන්නත් මාත්‍රා 5,600,000ක් හා ජපාන රජයේ ප්‍රදානයක් ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 1,470,000ක් මෙරටට ලැබීමට නියමිත බව ද ඒ මහතා කියා සිටියේය.

මේ දක්වා මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා භාවිත කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 7,573,967ක් බවද  ඒ මහතා පැවසීය.