මෙරට,රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා ආසාධිතයින්ගෙන් 17% කට ශ්වසන අපහසුතා

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තාවන කොරෝනා  ආසාදිතයින්ගෙන් 25%  ත්  28%  අතර  ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වන අතර එයින් 17%ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය මතුවන බව හඳුනාගෙන ඇත .

එලෙස ශවසන ආබාධ මතුවී , ඔක්සිජන් අවශ්‍යතාවය ඇතිවන  පුද්ගලයින්ගෙන්  4%-5%ක පමණ ප්‍රමාණයක් හදිසි ප්‍රතිකාර (ICU) සදහා යොමු කිරීමට සිදුවන බවද  ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්ෂණික කමිටු රැස්වීමේදී අද දින අනාවරණය විය .

ඒ අනුව කොවිඩ් 19 තුන්වන අවදානම් තත්වය හමුවේ ඇතිවන ඔක්සිජන් අවශ්‍යතාවය පිළිබද පුරෝකතනයක් සිදුකිරීමටද අද  සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මෙම තාක්‍ෂණ කමිටු රැස්වීමේදී පියවර ගැනින.

ඒ සදහා පරික්ෂණ උපායමාර්ගික ක්‍රමවේදයක් (Testing Strategy) සකස් කිරීම කෙරෙහි මෙහිදී  අවධානය යොමුවිය.

රෝහල් සදහා රෝගීන් ඇතුලත් කිරීමේ නිසි ක්‍රමවේදයක් (Admission Criteria) සකස් කිරීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවද . එමෙන්ම ඔවුන් මාරුකර යැවීම (Transferring Criteria) මෙන්ම රෝහලෙන් නිදහස් කිරීම (Discharge Criteria) පිළිබදවද විධිමත් ක්‍රමවේදයක් සකස් කල යුතු බව මෙහිදී සාකච්ජාවට ලක්කෙරින .

දැඩි සංචරණ සීමා පැනවීමකදී හෝ සම්පූර්ණ හුදෙකලා කිරීමකට ලක්වූ විට ක්‍රියාකල යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය උපදේශ මාලාවක්
(Public Health Guidelines) නිකුත් කිරීම කෙරෙහිද  මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ   ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වින