මෙරටින් ඩෙල්ටා විකෘති 3ක් හමුවෙයි

Picture of අසංක

අසංක

මෙරට තුළ පැතිරෙන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඒ් බව හෙළි කළේය.

ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා හෙළිකළේය.

ඇතැම් විට කොවිඩ් රෝගය පැතිර යෑම ඉහළ යෑමට එය හේතුවක් විය හැකි බවද චන්න ජයසුමන මහතා පැවැසීය.

මීට පෙර පැවති ප්‍රභේදයන්ට වඩා මේ වනවිට පවතින ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බව ද සඳහන් කළේය.