නවතම පුවත්

මෙරටින් හමුවු පළමු ඔමික්‍රෝන් ආසාධිතයාගේ තොරතුරු මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටින් පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතව හඳුනාගෙන ඇත්තේ 25 හැවිරිදි තරුණියක් බවට අනාවරණය වීඇත

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

එම ආසාදිත තරුණිය නයිජීරියාවේ සිට මෙරටට පැමිණි හලාවත ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු බවට වාර්තා වේ.

මෙම ආසාධිත තරුණිය ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා මෙසේද පැවසීය

“නයිජීරියාවෙන් පැමිණි වයස අවුරුදු 25ක් වු කාන්තාවක් තමා ආසාදිත වෙලා තියෙන්නේ. රෝගියා දැනට ඇයගේ නේවාසික ප්‍රදේශයේ තමා ඉන්නේ. මොකද මේ තැනැත්තිය පොසිටිව් ලෙඩෙක් හැටියට ආරංචි වුණාට පස්සේ, ප්‍රතිකාර මධ්‍යස්ථානයක නියමිත කාලය තියාගෙන හිටියා. ඒ වගේම ඒ කාලසීමාව තුළ එම තැනැත්තිය තියාගෙන ඉඳලා තියෙන්නේ වෙනම කාමරයක. එතැනින් තවත් කෙනෙකුට බෝවෙන්න තියෙන ඉඩ නැහැම කියනවා නෙමෙයි අවමයි. ඒ අනුව එම රෝගියාව රෝහලෙන් නිදහස් කරනවිට තවදුරටත් බෝකිරීමේ හැකියාවක් නැතිවුණාට පස්සෙයි නිදහස් කරන්නේ. කෙසේ නමුත් එම තැනැත්තිය මේ අතර තුළ ආශ්‍රය කළ ගමන්බිමන් ගිය අය අනුව සමහර විට අපි දන්නේ නෑ කොයි ආකාරයට ද වෙලා තියෙන්නේ කියලා. ඒ පිළිබඳව පරීක්ෂණ තවම කරගෙන යනවා. ඒ අනුව එතැනිනුත් කළ හැකි පාලන කටයුතු කරනවා. අපි මතක තබාගත යුතුයි මේ ආකාරයෙන්ම පිටරටින් පැමිණි පුද්ගලයින් මේ රෝගය රැගෙන ඒමට ඉඩතියෙනවා. ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් අපි හිතනවා ඒ අයවත් හැකි ඉක්මනින් හොයා ගන්න පුළුවන් වෙයි කියලා.”

“පහුගිය කාලය තුළ ලංකාවට පැමිණි, එම අවස්ථාවේ දී කොවිඩ් ලෙස හඳුනාගත්තු රෝගීන්ගේ නියැදි සියල්ලම ජාන පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයට අපි යැව්වා. එහි ප්‍රතිඵලයක් හැටියට තමා අප්‍රිකානු රටකින් පැමිණි එක පුද්ගලයෙක් ඔමික්‍රෝන් ප්‍රභේදය තියෙනවා කියලා හඳුනාගෙන තියෙන්නේ. මේ වෙනකොට අවශ්‍ය පියවර සියල්ල අරගෙන තියෙනවා. ඒ පුද්ගලයා මේ වනවිටත් නිරෝධායනය වෙලා තියෙන කෙනෙක්. ඒ නිසා ඔහුගෙන් බලපෑමක් නැහැ. ඔහුගේ ඉතුරු පවුලේ අයවත් ඔහුගේ ගමන් සම්බන්ධතා පැවැත්වු සියලුදෙනා ඉදිරියේ දී තවදුරටත් නිරෝධායනයට ලක්කිරීමත් ඔවුන්ගේ නියැදි ලබාගෙන ඔවුන් ආසාදිත ද නැද්ද කියන පරීක්ෂණ කටයුතු ඉදිරියේ දී සිද්ද වෙනවා. අනියත බියක් ඇතිකර ගත යුතු නෑ. මේකෙන් එන පණිවුඩය තමා ගෝලීයකරණය එක්ක මෙවැනි දෙයක් රටකට ඇතුළු වීම එතරම් දෙයක් නෙමෙයි.”

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගිය මස 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 06ක් සඳහා තහනමක් පනවනු ලැබුවද එම රටවල් අතරට නයිජීරියාව ඇතුළත් කර නොමැත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්