මෙරට අතුරුදන්වූවන් ගැන UN මතක් කරයි

Picture of අසංක

අසංක

බලහත්කාරයෙන් අතුරුදහන්වීම් වලට ලක්වූවන්ට හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා රජය තවදුරටත් කැපවිය යුතු බව ජගත් සංවිධානය අවධාරණය කර සිටී.

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පූර්ණ සහය ලබාදියයුතු බවද ශ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අතුරුදහන් වීම් පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇති බවද මෙම නිවේදනයේ දැක්වේ.

අතුරුදහන්වුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දියත් කරන වැඩසටහන් සඳහා ජගත් සංවිධානයේ සහය ලැබෙන බවද නිවේදනයේ දැක්වේ,