ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් හමුව ඊයේ (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව පැවති මෙම කැබිනට් රැස්වීම සඳහා විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ වූයේය.
කැබිනට් අමාත්‍යවරු සිය නිවසේ හෝ කාර්යාල පරිශ්‍රයන් හි සිට කැබිනට් හමුව සඳහා සහභාගි වුහ.