මෙරට ඉන්දියානු උත්සව වල ආරක්ෂාව දැඩි කරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

73 වන ඉන්දීය නිදහස් දින සැමරුමට සමගාමීව මෙරටදී පැවැත්වෙන සියලු උත්සව වලට අදාලව ආරක්ෂාව වඩාත්දැඩි කිරීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කටයුතු යොදා ඇති බව එම කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී .

ඒ අනුව හෙට දින වෙනුවෙන් ,මෙරට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙතින් අමතර ආරක්ෂාවක් ඉල්ලා සිටීමටද මහකොමසාරිස් කාර්යාලය කටයුතු යොදා ඇති අබව වාර්තාවේ .

පකිස්තානු රජය ලොව පුරා විසිර සිටින පාකිස්ථානුවන්ට හෙට දින ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිට විත් විරෝධතාවයන් දක්වන ලෙස දැනුම් දී ඇතැයි මේ වනවිට වාර්තා පළවේ.

එම වාර්තා සැලකිල්ලට ගෙන ඉන්දීය මහකොමසාරිස කාර්යාලයමෙලෙස ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මහකොමසාරිස් කාර්යාලය මේ සම්භන්දව ලැබුණු ඉන්දීය බුද්ධි අංශ වාර්තාද සැලකිල්ලට ගෙන ඇත.