මෙරට ඉස්ලාම් ජනයා බියෙන්: රටත් හැරයාවි – UN

Picture of අසංක

අසංක

මුස්ලිම් සමාජය තුල පවතින බිය පහකිරීමට වගකිවයුතු අංශ නිසිපරිදි ක්‍රියාත්මක නොවුනහොත් , මුස්‌ලිම ජනතාව විශාල වශයෙන් මෙරටින් පිටව යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා සිටී.

මෙරට සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ අංශ අපොහොසත් වී ඇති බවක් පෙනෙන බවත් , මේ තත්වය මේ වනවිට මුස්ලිම් ප්‍රජාවට තදින් බලපාන බවත් ආගමික නිදහස හා ඇදහීම පිලිබඳ ජගත් සංවිධාන නියෝජිත අහමඩ් ෂහීඩ් මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය .

සමාජ මාධ්‍ය තුල මෙන්ම ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය තුලද වෛරී ප්‍රකාශ මෙන්ම සහජීවනයට හානිකර වැරදි තොරතුරු ප්‍රචාරය වන බවද ෂහීඩ් මහතා පැවසීය