මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටී ..
ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් බවය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තමන්ගේ සහ ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි ඉක්මණින් සියලුම දෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙසටය.
මේ අතර ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබුණි.
එසේම ඊයේ දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 563 දෙනෙකු හදුනාගෙන තිබුණි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පන් ලක්ෂ 86,746 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.