නවතම පුවත්

හෙට සිට පැලවත්ත කිරිපිටි අලෙවි සැල් වැඩි කෙරේ

අසංක

අසංක

මිරිහාන ජුබිලිකනුවේ පිහිටි “කිරිපිටි වෙළඳ සැලකට පොලිසිය කඩාපැන එය සීල් තබා ඇති බවත්, පොලිසියට ඒ සදහා බලයක් නොමැති බවත් සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන සටහන් පදනම් විරහිත තොරතුරක් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

කිරිපිටි වෙළදසැල් වලට සීල් තැබූවා යන මෙම අසත්‍ය ප්‍රචාරය ශ්‍රී ලංකා පොලීසිය විසින් තරයේ ප්‍රතික්ෂේප කර සිටී.

මෙම සිදුවීමේ සත්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි පොලිස් මූලස්ථානය පවසන්නේ පැලවත්ත කිරිපිටි නිෂ්පාදන සමාගමේ කිරිපිටි නිෂ්පාදන මිලදී ගැනීමට මහජනතාව දිගු පෝලිම්වල රැදී සිටීමට හේතුව කුමක්ද යන්න සොයා බලන ලෙසට ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දුන් බවය.

ඒ අනුව මේ පිලිබඳව පොලීසිය සිදුකල සොයා බැලීමේදී තදබදය සහ පෝලිම් ඇති වීමට හේතුව මිරිහාන ජුබිලිකණුව, ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි අලෙවිසැල මගින් කිරිපිටි නිෂ්පාදන නිකුත් කිරීමේදී ඇති වන ප්‍රමාදයත්, එක් කවුළුවකින් පමණක් නිෂ්පාදන අලෙවි කිරිමත් බව නිරීක්ෂණය වී ඇත.

එ බැවින් පැලවත්ත කිරිපිටි නිෂ්පාදන සමාගමේ සභාපති ආරියශීලි වික්‍රමනායක මහතා සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ පිළිබදව සාකච්ඡා කොට අද දින (30) සිටම සමාගමේ අලෙවි ස්ථාන සංඛ්‍යාව වැඩි කොට කිරිපිටි නිෂ්පාදන බෙදා හැරිමේ කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව මහජනතාවට තදබදයකින් තොරව හා පෝලිම් වල රැදී සිටීමකින් තොරව ස්ථාන කිහිපයකදී පැලවත්ත සමාගමේ කිරිපිටි නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

2021.12.31 වන හෙට දින සිට මෙම අලෙවිසැල් සංඛ්‍යව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බවද එම සමාගම විසින් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වල අසත්‍ය තොරතුරු පලකරමින් පොලිසිය මගින් කිරිපිටි අලෙවි ස්ථාන සිල් තැබීමට කටයුතු කර ඇති බවට වැරදි තොරතුරු පලකර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි