මෙරට සිදුකරන ලද නවතම කොවිඩ් ජෛව සාම්පල් පරීක්ෂණයන්ට අනුව තවත්ඔමික්‍රෝන් ආසාදිතයින් 82 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටි
ජනවාරි මාසයේ සිව්වන සතියේ සමාජයෙන් ලබාගන්නා ලද කොවිඩ් ආසාදිතයින් ගේ ජෛව සාම්පල් 88ක් අතරින් මෙම කොවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර ඒ අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 06 දෙනෙකු ද සිටින බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේ.
මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයින් අතර BA.1 සහ BA.2 යන අනු ප්‍රභේද දෙක ප්‍රධාන වශයෙන් හඳුනා ගෙන ඇත. ඒ අතරින් මෙරට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගෙන් සියයට 25 ක ප්‍රමාණයකට ආසාදනය වී ඇත්තේ BA.2 ඔමික්‍රෝන් අනු ප්‍රභේදය වන අතර එය බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් උනන්දුවක් දැක්විය යුතු ප්‍රභේදයක් ලෙසට නම් කර ඇත.
මෙරට සමාජයෙන් ලබා ගන්නා ලද කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ජෛව සාම්පල් අනුව ඔමික්‍රෝන් ආසාදිතයින් බහුලව වාර්තා වූ ප්‍රදේශ පහතින් දක්වා ඇත.
BA.1 වර්ගයේ ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ආසාදිත ජෛව සාම්පල් 30ක් කොළඹ නගර සභා බලප්‍රදේශය, කොළඹ, කැස්බෑව සහ මතුගම යන ප්‍රදේශ වලින්ද, BA.1.1 අනු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 22ක් කොළඹ නගර සභා බල ප්‍රදේශය, කොළඹ, කැස්බෑව සහ මතුගම ප්‍රදේශවලින් හඳුනා ගෙන ඇත.
එයට අමතරව BA.2 යනුවෙන් හඳුන්වන ලද ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ආසාදනය වූ සාම්පල් 28ක් කොළඹ මහ නගර සභා බලප්‍රදේශය සහ කොළඹ දිස්ත්‍රික්කය තුලින් හඳුනා ගෙන ඇත. මිට අමතරව B.1.1.529 ලෙස හඳුන්වන ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු ද කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේ.
මිට අමතරව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 06 දෙනෙකු ද මෙරටින් හඳුනා ගෙන ඇත.
දැනට සිදුකර ඇති විශ්ලේෂණයන්ට අනුව ඔමික්‍රෝන් BA.2 අනු ප්‍රභේදය BA.1 ප්‍රභේදයට සාපෙක්ෂව වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් පෙන්නුම් කරනු ලබන අතර BA.1 අනු ප්‍රභේදයට සාපේක්ෂව BA.2 අනු ප්‍රභේදයට මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය මග හැරීමට ඇති අවස්ථාව අවම බවට හෙළිවී ඇත.