“මෙරට ප්‍රධාන කොමිෂන් සභාවල ස්වාධීනත්වය සෝදාපාළු වෙලා” – මිෂෙල් බැචලේ

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු රටේ ප්‍රධාන කොමිෂන් සභා සහ ආයතනවල ස්වාධීනත්වය ඛාදනය වී ඇතැයි පවසමින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් කනගාටුව ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසු මෙම තත්ත්වය දකින්නට ඇතැයි ඇය පවසයි.

වගවීම සහ ප්‍රතිසන්ධානය සඳහා වන සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ විශ්වසනීය තත්වයක් ශ්‍රී ලංකාව තවමත් ඉදිරිපත් කර නොමැති බව ඇය කියාසිටී.

අද (04) ජිනීවා හි පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේදී ඇය කියා සිටියේ රජය තම කාර්යාලය සමඟ සම්බන්ධ වීම සහ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට යම් යම් පියවර ගැනීම් වැඩි වීමේ මෑත කාලීන සලකුණු කිහිපයක් දක්නට ලැබෙන බවයි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සමහර විධිවිධාන සංශෝධනය කිරීමට සහ පනත යටතේ රැඳවියන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට යෝජනා කිරීම ආදී ආරම්භක පියවරයන් සාදරයෙන් පිළිගනිමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමඟ ඇති මූලික ගැටලු විසඳීමට මෙන්ම, දණ්ඩමුක්තියට තිත තැබීමට සහ අතීත උල්ලංඝන නැවත ඇතිවීම වැළැක්වීම සඳහා තීරනාත්මකව අවශ්‍ය වන ගැඹුරු නීතිමය, ආයතනික සහ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ඉදිරි පියවර ගන්නා ලෙස මම ශ්‍රී ලංකා රජයට දිරිගන්වමි.” ඇය කීවාය.