ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ඊයේ දින සඳහන් කර ඇත .
ඒ අනුව ඉන්දියාවට පමණක් නොව ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක හදිසි අවශ්‍යතා ඇතිවිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා ඊයේ සිය දෛනික මාධ්‍ය හමුවේදී පවසා ඇත
මාධ්‍ය අමතමින් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මහතා අවධාරණය කර ඇත්තේ මේ පිළිබඳව තම සංවිධානයේ අවධානය යොමුව ඇති බවය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය
ඉන්දියාවේ තත්වය නරක අතට හැරීමත් සමග එය අවට රටවලටද බලපා තිබෙනවා . ඒ අනුව හදිසි අවශ්‍යතා ඇත්තේ ඉන්දියාවට පමණක් නොවන බව පෙනී යනවා , ඒ ගැනත් අප අවධානයෙන් ඉන්නවා . නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යනු රටවල් වලත් මේ වනවිට ආසාධිතයින් සහ රෝහල්ගත කිරීම්වල වැඩිවීම් සම්බන්ධයෙන් වාර්තා වනවා