නවතම පුවත්

මෙරට කොරෝනා ආසාදිතයින් ගැන කොළ එළියක්

අසංක

අසංක

කොරෝනා ආසාදිත මෙරට රෝගීන් සියලුම දෙන දෙනාගේ සෞඛ්‍ය තත්වය ස්ථාවර මට්ටමක පවතින බවත් ඒ කිසිදු රෝගීයෙකු බරපතළ තත්ත්වයේ නොමැති බවත් . සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම රෝගීන්මේ වනවිට විශේෂ වෛද්‍ය කණ්ඩායම්වල අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව අමාත්‍යංශය සඳහන් කර සිටී.

කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 220 කට අධික බවද මධ්‍යස්ථාන 16 ක නිරෝධායනයට ලක්වන විදේශවලින් පැමිණි පිරිස 2258 ක් බවද අමාත්යංශය සඳහන් කර සිටී.

මේ අතර යුද හමුදාව සඳහන් කළේ, විදේශවලින් අද දිනයේ ද මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනය සඳහා දින 14 ක් අදාළ මධ්‍යස්ථානවල රඳවා තබන බවයි.

මේ අතර නිරෝධායන ක්‍රියාවලියට මෙතෙක් හසු නොවූ පුද්ගලයින් 1500 – 2000 ත් අතර සංඛ්‍යාවක් මේ වනවිට හඳුනා ගෙන ඇති බව යුද හමුදාව පැවසීය.

ඔවුන්ගේ නිවෙස් හඳුනා ගනිමින් පවතින අතර ඒවා අන් අයට හඳුනා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විසින් විශේෂිත දැන්වීමක් ඇලවීමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්