නවතම පුවත්

“මෙරට කොරෝනා මඬින්න 70%කට එන්නත දෙන්න ඕනෑ”

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

– WHO හි අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ  උපදේශක, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට තුළ කොරෝනා වසංගතය  මර්දනය කිරීමට හැක්කේ මෙරට මුළු ජනගහනයෙන්   70% කටවත් ලබාදුනහොත් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදේශන මණ්ඩලයේ  විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.
යූටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකදී හෙතෙම මේ බව අවධාරණය කරයි.
” ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ්  එන්නත ශ්‍රීලංකා ජනගහනයෙන් 20% කට නොමිලේ දෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය කරන්න නම් එන්නත අඩුම තරමේ ජනගහනයෙන් 70% කටවත් දෙන්න ඕනෙ.
 මෙරට තුළ 80% ක් ආසාදිතයන් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතැයි යන්න ලෝකෙම තියෙන තත්ත්වයක්. හැබැයි අද වෙනකන් ඕකට උත්තරයක් නෑ. උෂ්ණාධික  රටවල මේ තත්ත්වය ටිකක් වැඩිපුර දකින්න තියෙනවා.
ශ්‍රී ලංකාවේ මට වැඩිය වෛරසවේදය  ගැන දක්ෂ අය ඕනතරම් ඉන්නවා. ඉතින් මට විශේෂ දෙයක් කියලා ඔවුන්ට කියන්න දෙයක් නැහැ. මට තියෙන්නේ ඇත්තටම සම්බන්ධීකරණය වගේ කටයුත්තක්.  ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගන්න බොහෝ තීරණ හරි.
දැන් තියෙන දත්ත අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය නියම ආරක්ෂක පියවර අරන්  භූමදානය දීමේ වරදක් නැහැ කියන එක. නමුත් අවසාන තීරණය රටේ නීතිය අනුව විය යුතුයි. WHO එකට බෑ කිසිදු රටකට කියන්න අපි කියන දේ විතරක්  කරන්න කියල. අපි උපදෙස් දෙනවා යෝජනා කරනවා පමණයි.
ලෝකයේ හැම තැනම බටහිර රටවල පවා දේශීය සහ එක් එක් රටට ආවේණික වෛද්‍ය ක්‍රම ගැන ලොකු උනන්දුවක් තිබෙනවා. ඉන්දියාව තායිලන්තය අපේ වගේ රටවල ලොකු ඉතිහාසයක් තියෙන රටවල නොයෙක් නොයෙක් දේවල් යෝජනා කරනවා කොවිඩ් ඖෂධයක් ලෙස. බටහිර හෝ දේශීය වෛද්‍ය ක්‍රමයේ පළමු කාරණය තමයි හානියක් නොවී ම, ආරක්ෂාව කියන කාරණය. අත්හදාබැලීම් කරාට කමක් නෑ නමුත් අපි මෙතනදි ටිකක් ප්‍රවේසම් වෙලා කළොත් හොඳයි.
කවුරුහරි කිව්වොත් මේක හොඳයි මේකෙන් මුකුත් වෙන්නෑ හැදෙන්නෑ එහෙම කියලා, එතකොට අපි ඇත්ත වශයෙන් කළ යුතු දේවල් මග ඇරෙනවා එය නොවිය යුත්තක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ දේශීය වෛද්‍ය ක්‍රම අත්හදා බලනවාට කැමතියි. යුනෙස්කෝ එකේ ක්‍රමයක් තියෙනවා දේශීය වෛද්‍ය ක්‍රම, පාරම්පරික වට්ටෝරු  දේශීය දැනුම ලැයිස්තුගත කරන. Traditional Knowledge Database කියන එක. එය ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක්. යම් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් එළියට ආවොත් අද, හෙට වෙද්දී එක හැමෝම හදන්න පුළුවන්. ඕක පේටන්ට් කළ යුතුයි .  නීතියෙන් අපේ පේටන්ට්  ක්‍රමවේදයක් නෑ.
අග්නිදිග ආසියාවේ කොරෝනා පාලනය කළ රටවල් එකොළහ තුළින් කොවිඩ්  සම්බන්ධයෙන් මුලින් ඉන්නේ අපියි, තායිලන්තයයි. තායිලන්තයේ අපි මෙම කටයුත්තේදී උඩින් ඉන්නේ එක හේතුවක් නිසා. ඒකට හේතුව අපේ ප්‍රජා සෞඛ්‍ය සේවාව හෙවත් මහජන සෞඛ්‍ය සේවාව හොඳින් දියුණු වී තිබීම. අමෙරිකාවේ ප්‍රජා සෞඛ්‍ය කියලා දෙයක් නෑ. එනිසා මේ වගේ වසංගතයක් ආවම ඔවුන්ට ඉතා අමාරුයි ඒක පාලනය කරන්න. දෙවැනි   කරුණ වන්නේ මේ රටවල් දෙකේම නායකත්වය හොඳයි. තුන්වැනි  කරුණ පරිපාලන දක්ෂතාව. ලංකාවේ අපේ මේක කළමනාකරණය ටිකක් තව දැනගත යුතුයි.  ශ්‍රී ලංකාවේ එන්නත් පිළිබඳ අද තියෙන තත්ත්වය ඉතාම සාර්ථකයි.” යැයිද විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් තමා වෙත උපදෙස් ලබාගැනීමට  සය පුද්ගල උපදේශක මණ්ඩලයක් (WHO director general’s special envoys) පත්කර තිබේ. එහි සාමාජිකයකු ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කර තිබුණි.  රටවල් 11ක් නියෝජනය කරමින් අග්නිදිග ආසියාව වෙනුවෙන් පාලිත අබේකෝන් මහතා පත්කර ඇත. මෙම උපදේශක  මණ්ඩලය තුළ  ආසියානු කලාපයම නියෝජනය කරනු ලබන එකම ආසියානුවා පාලිත අබේකෝන් මහතායි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්