මෙරට කොරෝනා රෝගින් ගණන 269 දක්වා ඉහළ යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද දිනයේ (19) සවස තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දිනයේදී වාර්තා වූ රෝගීන් 15 දෙනාම කොරෝනා ආසාධිත රෝගීන් ළඟින් ඇසුරු කිරිම හේතුවෙන් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කළ පිරිසක් බවද වාර්තා වේ.