IDH වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලද වහාම කොරෝනා රෝගීන්ට ලබාදීමට යම් ඖෂධ වර්ගයක් සූදානම් කර තිබෙන බව කොරෝනා වැළැක්වීමේ කාර්ය සාධක බළකායේ සාමාජිකාවක් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.
අදාළ ඖෂධය කුමක්දැයි මේ මොහොතේ සඳහන් කිරීම උචිත නොවන බවත් අවශ්‍ය තරම් ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පවතින බවත් ඇය සඳහන් කරයි.
IDH රෝහලේ වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ තීන්දුවක් දුන් වහාම එම ඖෂධය භාවිතයට පියවර ගන්නා බවත් ඇය කියා සිටියේ අද රාත්‍රියේ පැවති රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට සහභාගී වෙමිනි.