නවතම පුවත්

මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනය වන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔක්තෝබර් 5 වැනිදා සිට  ආරම්භ වූ මෙරට කොරෝනා දෙවැනි රැල්ල පසුගිය 14 වැනිදා එහි උපරිම අගයට ළඟා වීමෙන් පසුව මේ වන විට තරමක් දුරට පාලනය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවිය පෙන්වාදේ .

එම වෙබ් අඩවයේ මේ වන විට පෙන්නුම් කරනු ලබන දත්ත අනුව වසංගතය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමේ බරපතළම අවධිය වී ඇත්තේ දෙසැම්බර් මස දෙවැනි සතිය තුල වන අතර මේ වනවිට එහි යම් පාලනයක්  දක්නට ඇත ..

ඉහත දක්වෙන ප්‍රස්තාරයට අනුව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව මේ වනවිට  ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවක් දක්නට ඇත .

එසේම ඉහත දැක්වෙන ප්‍රස්තාරයට අනුව දිනපතා හමුවන රෝගීන් සංඛ්යාවේද අඩුවක් මේ වනවිට පෙන්නුම් කරයි .

දෙසැම්බර් 14 වැනිදා 9017 ක් වූ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව අද (29 වැනිදා) 7484 ක් දක්වා පහළ බැස තිබේ.

මාර්තු මාසයේ සිට මේ දක්වා වයිරසය අසාදනය වූ පිරිස අතුරින් අද (29 වැනිදා) වන විට සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 81.5 % කි. ප්‍රතිකාර ලබමින් සිටින පිරිස ප්‍රතිශතයක් වශයෙන් 18 % කි. මරණ 194 ක් වාර්තා වන නමුත් එය ප්‍රතිශතයක් වශයෙන් 0.5 % ක් හෙවත් වයිරසය ආසාදිත වූවන්ගෙන් 1000 කට 5 දෙනෙකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්