මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සංශෝධනය කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන නැවත වරක් සංශෝධනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත

 

ඒ අනුව මින්පසුව කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී ප්‍රමුඛතාවය ලබාදෙන්නේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

 

මෙම නව තීරණය ගැන අදහස් දක්වමින් ඒ මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය

 

“කාර්ය සාධක බලකායෙදි ගන්නා ලද තීරණය අනුව ඉදිරියට ලැබෙන්න තියෙන එන්නත්වලින් අපි මින්පසු ප්‍රථමයෙන්ම එන්නත් කරනු ලබන්නේ අවුරුදු 60ට වැඩි ජනතාවට. ඊට පස්සේ අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල වැඩිහිටි නිවාස තියෙනවා නම් ඒවාවල ඉන්න වැඩිහිටියන්ට, ගර්භණී මාතාවන්ට, ක්ෂේත්‍රයේ සිටින රාජ්‍ය නිලධාරීන්ට, ඒවගේම අධි අවදානම් ග්‍රාම නිලධාරී කොට්ඨාශවල තියෙනවා නම් ඇඟළුම් හෝ වෙනත් කම්හලක් එහි සේවය කරන සේවක සේවිකාවන්ට දෙනවා. ඒ කට්ටියට එන්නත් දුන්නාට පස්සෙ තමයි අපි අවුරුදු 30 – 60 අතර ඉන්න ජනතාවට එන්නත්කරණය කිරීමට බලාපොරොත්තු වෙන්නෙ”