නවතම පුවත්

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අක්‍රමවත් වෙලා – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න )

ශ්‍රී ලංකාව තුල කොවිඩ්  එන්නත්කරණ වැඩපිළිවෙල මේ වන විට අසංවිධානාත්මක සහ අක්‍රමවත් තත්ත්වයකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී

අද (22) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එන්නත්කරන වැඩසටහනේ මුල් සැලසුම්  හදිසියේ සංශෝධනය කිරීම  කාගේ අනුදැනුම මත,කුමනාකාරයේ කමිටු නිර්දේශයක් හරහා සිදු වූයේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පවතින බවයි.

මරණ හා සංකූලතා වළක්වා ගැනීමේදී එන්නත ලබා දිය යුතු ප්‍රමුඛතා කණ්ඩායම හඳුනාගෙන තිබියදී වයස 30 -59 අතර කාණ්ඩයක් හඳුන්වා දුන්නේ කෙසේද යන්න පිළිබඳවද  මෙහිදී අලුත්ගේ මහතා බලධාරීන්ගෙන් විමසා සිටියේය.

එන්නත්කරණය සම්බන්ධව සිටින විශේෂඥ කමිටුව පවා මේ අක්‍රමවත් වැඩපිළිවෙල ගැන මවිතය පළ කර තිබෙන අතර එහි වගකීම පවා ගැනීමට කිසිවෙක් නැති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය .

එම නිසා සිදුව තිබෙන වැරැද්ද නිවැරදි කරගෙන ඉදිරි වැඩපිළිවෙල ක්‍රමවත් කරගත යුතු බව ඔහු අවධාරණය කරන ලදී.

බලාපොරොත්තු වූ ලෙස එන්නත්කරන  වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බාධා රාශියක් මතු වී ඇති බවද  හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්