මෙරට කොවිඩ් මරණ ගණන 507 දක්වා ඉහළට

Picture of අසංක

අසංක

කොවිඩ්‌-19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් අද‌ වාර්තා වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වන මුළු කොවිඩ්‌-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 507 කි.

අද වාර්තා වූ කොවිඩ් මරණවල විස්තර පහත දැක්වේ.

01. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. අනුරාධපුර ශික්ෂණ
රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 පෙබරවාරි 20 චන දින මියගොස්‌
ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, ඇදුම්‌ රෝගී තත්ත්වය, අධිරුධිර පීඩනය සහ උග්‍ර දියවැඩියාවයි.

02. හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කාන්තාවකි. මහනුවර මහ
රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 මාර්තු 06 වන දින මියගොස්‌ ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව සහ මොළයේ ඇති
වූ ගැටින්තකි.

03. දරශා නගරයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික
රෝහලක සිට කොටිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝගල වෙත මාරු කර යවා ඇති අතර එම.
රෝහලේ දී 2021 මාර්තු 08 දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොව්ඩ්‌ නියුමෝනියාව සහ බහු ඉන්දිය අක්‍රිය වීමයි.

04. කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ
පෞද්ගලික රෝහලක සිට කොවිඩ්‌ 19 අංසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌
පසුව ඡාකික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම
රෝහලේ දී 2021 මාර්තු 07 දින මියගොස්‌ ඇත. මරණයට ගේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, උග්‍ර වකුගඩු හානිවීම, කොවිඩ්‌ නියුමෝනියාව සහ උග්‍ර දියවැඩියාවයි.

05. ජාඇල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ
සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව හෝමාගම මූලික
රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 මාර්තු 08 චන දින
මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාවයි.