මෙරට කොවිඩ් මරණ 557 දක්වා ඉහළට

Picture of අසංක

අසංක

කොවිඩ්‌-19 ආසාදිත රෝගීන්ගේ මරණ
03 ක්‌ අද තහවුරු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වූ මුළු කොවිඩ්-‌19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 557 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

1. පස්සර ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බදුල්ල මහ රෝහලේ
ප්‍රතිකාර ලබමින්‌ සිටින අතරතුර මාර්තු මස 24 වන දින මියගොස්‌ ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ ආසාදනය නිසා උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයයි.

2. කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රත්නපුර ශික්ෂණ
රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතරතුර කොවිඩ්‌ ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන්‌ අනතුරුව හෝමාගම මූලික රෝහල වෙත මාරුකර යවා ඇත. මාර්තු මස 24 වන දින මිය ගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ ලේ විෂවීම, අධික රුධිර පීඩනය, දියවැඩියාව, නිදන්ගත වකුගඩු රෝගී තත්වය සහ කොවිඩ් ආසාදිත තත්වයයි.

2. නුවර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පෞද්ගලික රෝහලක
ප්‍රතිකාර ලබමින්‌ සිටින අතරතුර කොවිඩ් අසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන්‌
අනතුරුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇත. එහිදී මාර්තු මස
24 වන දින මිය ගොස්‌ ඇත. උග්‍ර කොචිඩ්‌ නියුමෝනියා තත්වය සමග ඇති වූ
දැඩි ශ්වසන අපහසුතාව මරණයට හේතුව ලෙස දැක්වේ.