මෙරට තුළ කොරෝනා පරීක්ෂාව සම්පූර්ණයෙන්ම කළ හැකියි – රජය

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය හඳුනාගැනීම සඳහා වූ සුවිශේෂී පර්යේෂණ ක්‍රමය දැන් මෙරටදී සම්පූර්ණයෙන් සිදුකිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටී.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මේ වනවිට එම පර්යේෂණය සම්පූර්ණයෙන් සිදුකෙරෙන අතර ඒ ඔස්සේ යම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති ද යන්න පිළිබඳව සාර්ථකව නිගමනය කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත පවසීය.

පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වීමටද නියමිතය .