නවතම පුවත්

මෙරට දිනක් තුළ වැඩිම කොරෝනා මරණ ගණන අද

අසංක

අසංක

කොවිඩ් මරණ ගණන 13ක් වාර්තා වෙමින් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන අද (17) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 422කි. ඉන් 409ක්ම වාර්තා වී ඇත්තේ කොවිඩ් දෙවැනි රැල්ලෙනි. ඒ, 2020 ඔක්තෝබර් මාසයෙන් පසුවය.

අද වාර්තා වූ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ විස්තර පහත දැක්වේ.

01. නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි. නුවරඑලිය දිස්ත්‍රික්‌ රෝහලට ඇතුළත්‌ කරන අවස්ථාවේ දී 2021 පෙබරවාරි 11 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ 19 ආසාදනය සහ වකුගඳ්‍ර රෝගී තත්ත්වයයි.

02. ආගරපතන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ආගරපතන රෝහලේ සිට නුවරඑළිය දිස්ත්‍රික්‌ රෝභලට ඇතුළත්‌ කරන අවස්ථාවේදී 2021 පෙබරවාරි 12 දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොචිඩ්‌ ආසාදනය සමඟ ඇති වූ උග්‍ර ඇදුම රෝගී තත්ත්වය සහ දියවැඩියා රෝගී තන්වයයි.

03. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිම්‌ සුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 පෙබරවාරි 16 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, හෘද රෝගී තන්න්වය සහ වකුගඩු රෝගී තත්ත්වයකි.

04. බෝම්බුවල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 05 වන දින නිවසේ දී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොව්ඩ්‌ 19 ආසාදනය සමඟ ඇති වූ නියුමෝනියාව සහ අයි රුධිර පීඩනයයි.

05. කළුතර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි, 2021 පෙබරවාරි 05 වන දින නිවසේ දී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර වූ ඇදුම රෝගී තන්න්වය‌ ආසාදනය සහ පෙනහළු පිළිකා තන්න්වයකි.

06. නෑබොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 10 නිවසේ දී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, කොචිඩ්‌ 19 ආසාදනය සහ උග්‍ර දියවැඩියාවයි.

07. මග්ගොන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 05 වන දින නිවසේදී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ 19 ආසාදනය සමඟ ඇති වූ හෘද රෝගී තන්න්වය සහ අයි රුධිර පීඩනයයි.

08, අතුරු කළුතර ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිම්‌ පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 07 වන දින නිවසේදී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොව්ඩි නියුමෝනියාව සහ අධිරුධිර පීඩනයයි.

09. අතුරු කළුතර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 05 වන දින නිවසේදී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොච්ඩ්‌ 19 ආසාදනය, සමඟ ලේ විෂවීම භා භෘද රෝගි තත්ත්වයකි.

10. ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 69) හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 පෙබරවාරි 15 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ 19 ආසාදනය, පෙනහළු රෝගී තත්ත්වය සහ අධි රුධිර පීඩනයයි.

11. පානදුර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට මූල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යචා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 17 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව , ලේ විෂවීම සහ පෙනහළු පිළිකා රෝගී තත්ත්වයකි.

12. වැඋඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිම පුද්ගලයෙකි. මහනුවර පෞද්ගලික රෝහලක සිට තෙල්දෙණිය මූලික රෝහලට මාරු කර යවා ඈති අතර එම රෝහලේදී 2021 පෙබරවාරි (03) වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු හානි වීමයි.

13. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිදිරි පිරිමි පුද්ගලයෙකි. ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ සිට මිනුවන්ගොඩ මූලික රෝගල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 17 චන මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොව්ඩ්‌ ආසාදනය සමහ උග්‍ර වූ හෘද රෝගී තක්ක්වයක්‌ සහ වකුගඩු රෝගී තත්ත්වයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්