මෙරට තුල එක් දිනකදී සුවය ලැබූ වැඩිම කොරෝනා රෝගීන් ගණන අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරසිටී.
ඒ අනුව අද (28) පෙරවරු 10.00 අවසන් වූ පැය 24 කාලය තුලදී කොරෝනා ආසාදිතව සිටි රෝගීන් 175 දෙනකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
මේ සමගම මෙරට කොරෝනාවෙන් සුව වූ පිරිස 2296 දක්වා ඉහල ගොස් ඇත.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණණ 2804 දක්වා ඉහල ගොස් තිබෙ. තව දුරටත් රෝහල්ගත සිටින පිරිස 498ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය .