නවතම පුවත්

ලාංකික ශ්‍රමිකයින් පාලනය කරන්න ජෝර්දාන පොලීසිය කැඳවූ හේතුව තානාපති කාර්‍යාලය කියයි

අසංක

අසංක

ජෝර්දානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් පාලනය කිරීමට එරට පොලිසිය කැඳවීමට සිදුවූයේ එම ශ්‍රමිකයින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසාවෙන් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.

ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට ඊයේ එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දක්වමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

අදාළ ශ්‍රමිකයින්ගේ සුබ සාධනය පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ කරක්හි කැමල් ඇන්ඩ් වේගා කම්හල වෙත ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරින්ව අදාළ ශ්‍රමිකයින් පිරිසක් විසින් පැය පහකට අධික කාලයක් තිස්සේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගෙන ඇති බවද නිවේදනයේ දැක්වේ.

එහිදී එම කර්මාන්ත ශාලාවේ තත්ත්වය සමනය කිරීම සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් නිදහස් කිරීම සඳහා ජෝර්දාන පොලීසිය එහි කැඳවා ඇතැයි ද තානාපති කාර්යාලය සඳහන් කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්