මෙරට දිනක කොවිඩ් මරණ පළමු වරට 200 පනී

Picture of අසංක

අසංක

මෙරට තුළ දිනකදී සිදුවූ කොවිඩ් මරණ ගණන පළමුවරට 200 ඉක්මවා යමින් කොරෝනා ආසාදිත මරණ‍ 209 ක් ඊයේ (25) දිනය තුළ සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 163 දෙනෙකු අයත් වේ.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 8,157 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 4,602කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහළගොස් තිබේ.