මෙරට ප්‍රථම “නයිට් සෆාරි” සත්වෝද්‍යානය ලෙස පින්නවල සත්වෝද්‍යානය නම් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යංශය පවසනවා.
පින්නවල සත්වෝද්‍යානය සහ ඇත් අතුරු සෙවණ ආශ්‍රිතව පවතින ගැටළු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සහ එම ව්‍යාපාරික ප්‍රජාව අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව පින්නවල සත්වෝද්‍යානය සහ ඇත් අතුරු සෙවන නයිට් සෆාරි උද්‍යානයක් ලෙස පවත්වාගෙන යාමටයි පළමුව යෝජනා වී ඇත්තේ. දැනට මෙම කලාපයේ කටයුතු පස්වරු 05 පමණ වනවිට අවසන් වන බැවින් ව්‍යාපාරික කටයුතු අඩාල වීම හරහා රජයට දෛනිකව විශාල මුදලක් අහිමි වන බව ද ව්‍යාපාරිකයින් එහිදී අමාත්‍යවරයා වෙත පවසා තිබෙනවා.
ඒ අනුව පින්නවල සත්වෝද්‍යානය සහ ඇත් අතුරු සෙවණ ආශ්රිත කලාපය නයිට් සෆාරි උද්‍යානයක් ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නෛතික බලපෑමක් ඇත්දැයි අමාත්‍යවරයා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කර තිබෙනවා.
එහිදී ඔහු විසින් එලෙස නෛතික බාධාවක් නොමැති බවට පෙන්වා දීමෙන් අනතුරුව මෙම කලාපය නයිට් සෆාරි උද්යායනයක් ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.