කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රුසියාවේ ස්පුට්නික් එන්නතෙන් මාත්‍රා එක් කෝටි තිස්ලක්ෂයක් මෙරටට ලබාගැනීමට රජය මේ වනවිට සැලසුම් කර ඇත .
මේ අනුව මෙරට පුද්ගලයින් හැටපන්ලක්ෂයකට (6500000) ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙක බැගින් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත .
“ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය .
එසේම රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන 7ක් මිල දී ගැනීම සඳහා පසුගිය මාර්තු 23 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දීද අනුමැතිය හිමිව තිබුණි.
මෙහිදී එක් එන්නත් මාත්‍රාවක් අමෙරිකානු ඩොලර් 9.95ක් බැගින් මිල දී ගැනීමට නියමිතය.
එසේම පසුගියදා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ඒ අනුව අනුමැතිය ලබාදුණි.