නවතම පුවත්

මෙරට පුද්ගලයින් හැටපන් ලක්‍ෂයකට , “ස්පුට්නික්” එන්නත ලබාදෙන්න රජයෙන් සැලසුම්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රුසියාවේ ස්පුට්නික් එන්නතෙන් මාත්‍රා එක් කෝටි තිස්ලක්ෂයක් මෙරටට ලබාගැනීමට රජය මේ වනවිට  සැලසුම් කර ඇත .

මේ අනුව මෙරට පුද්ගලයින් හැටපන්ලක්ෂයකට (6500000) ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙක බැගින්  ලබාදීමට හැකියාව ලැබෙනු ඇත .

“ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට  සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට  ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය .

එසේම රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන 7ක් මිල දී ගැනීම සඳහා පසුගිය  මාර්තු 23 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දීද  අනුමැතිය හිමිව තිබුණි.

මෙහිදී එක් එන්නත් මාත්‍රාවක් අමෙරිකානු ඩොලර් 9.95ක් බැගින් මිල දී ගැනීමට නියමිතය.

එසේම පසුගියදා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ඒ අනුව අනුමැතිය ලබාදුණි.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්