මෙරට පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම් පත් සැකසීමට ඉන්දියාවෙන් ආධාර !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සඳහා ඒකීයවූ ඩිජිටල් අනන්‍යතා රාමුවක් ස්ථාපිත කිරීමට ඉන්දියානු රජයෙන් ලැබෙන පරිත්‍යාගය සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත

ශ්‍රී ලංකාව සඳහා ඒකීයවූ ඩිජිටල් අනන්‍යතා රාමුවක් ස්ථාපිත කිරීම ජාතික මට්ටමේ වැඩසටහනක් වශයෙන් ප්‍රමුඛත්වය දී ක්‍රියාත්මක කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙමඟින් ජෛවමිතික දත්ත මත පදනම්ව පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීමේ උපරණයක්, සයිබර් අවකාශය තුළ පුද්ගලයින්ගේ අනන්‍යතාව නියෝජනය කළ හැකි ඩිජිටල් මෙවලමක් ස්ථාපිත කිරීමට නියමිතය

තාක්ෂණික අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත ..