නවතම පුවත්

මෙරට මිලියන 6ක පිරිසක් මීළඟ ආහාර වේල ගැන දෙගිඩියාවෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිය ඊළඟ කෑම වේල පිළිබඳ මෙරට පුද්ගලයින් මිලියන 6.26ක් හෝ නිවාස 10 කින් 03 ක් අවිනිෂ්චිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන පවසනවා.

ආහාර උද්ධමනය ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ භාණ්ඩ හිඟය එම තත්ත්වයට හේතු විය හැකි බවයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ. මෙරට ජනතාවගෙන් සියයට 61 ක් පමණ පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය ද අඩු කර ඇති බව එම වාර්තාවේ සඳහන්. ඒ අනුව පෝෂදායී ආහාර අනුභවය ද අඩුවී තිබෙනවා.

මේ වන විට දැඩි අවධානමකට ලක්ව සිටින පවුල් සංඛ්‍යාව ලක්ෂ 02 ක් පමණ වනවා. එලෙස අවධානමකට ලක්වන පිරිස ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ ගර්භණී කාන්තාවන් ද පෝෂදායී ආහාර අනුභව කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔවුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද අවධානමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන සිය වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි