ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යලි ගොඩනැංවීම අරමුණු කොට , ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවි රචකයින් , යු ටියුබ් නිර්මාණකරුවන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ශ්‍රී ලංකා සංචරණය විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත .
මෙහිදී විශේෂයෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව අත්පත්කරගත් සාර්ථකත්වය පිළිබඳව ලොව පුරා විසිරී සිටින සංචාරකයින් දැනුවත් කිරීම සඳහා මෙම සංචාරක වෙබ් රචකයින් , සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකා සංචරණය සැලසුම් කර ඇත .
ඒ අනුව ලොව පුරා අතිශය ජනප්‍රිය සංචාරක වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය නාලිකාවන්හි හිමිකරුවන් හා නිර්මාණකරුවන් තෝරාගෙන , ඔවුන්ට මෙරට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වෙත ගොස් අත්දැකීම් ලබාගැනීමට ඉඩ සැලැස්වීමට ශ්‍රී ලංකා සංචරණය කටයුතු යොදා ඇත.
දැනටමත් අනුරාධපුරය , යාපනය ,උඩරට කඳුකරය , සබරගමු පළාත හා ගම්පහ ප්‍රදේශ තුල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකා සංචරණය පියවර ගෙන ඇත .
මෙහිදී මෙරට ජෛව විවිධත්වය , දුර්ලභ සංචාරක ආකර්ෂණ පිළිබඳව මෙන්ම මෙරට සත්කාරකත්වය පිළිබඳවද මෙම සමාජ මාධ්‍යකරුවන් වෙත අත්දැකීම් ලබාදීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ .
මෙම වැඩසටහන යටතේ ඇමරිකාව කේන්ද්‍රකරගත් සංචාරක යු ටියුබ් නාලිකාවක හා වෙබ් අඩවියක හිමිකරුවෙකු වන ජොනි ජෙන්ස් සඳහා සම්පූර්ණ සත්කාරකත්වය සැපයීමට මේ දිනවල ශ්‍රී ලංකා සංචරණය කටයුතු යොදා ඇත .
@Johnny FD නමින් හැඳින්වෙන ඔහුගේ චැනලය වටා ඇමෙරිකාවේ මෙන්ම යුරෝපයේ රටවල් රැසක ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් එක්වී සිටී .
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉතාමත් ආරක්‍ෂිත බවත් , මෙරට සංචාරය කිරීමට ලැබීම තමා ලද වාසනාවක් වන බවත් ජොනී තම නාලිකාවේ සඳහන් කර ඇත
ජොනී ජෙන්ස් ගේ නාලිකාවේ ලිපිනය –