නවතම පුවත්

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වාර්තාගත පිබිදීමක්

අසංක

අසංක

ගෙවුණු වසර හතරක කාලය තුළ එක් මාසයක් තුළදී මෙරටට විදෙස් සංචාරකයන්ගේ වැඩිම පැමිණීම ‍මේ දෙසැම්බර් මාසයේදී වාර්තා කර තිබේ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව තහවුරු කළේය.

දෙසැම්බර් මාසය තුළදී මෙරටට පැමිණි මුළු සංචාරකයින් ගණන 210,352කි.

2023 ජනවාරි මාසයේ දී මෙරට සංචාරක පැමිණීම ලෙස රජයේ මුල් ඉලක්කය වූයේ මිලියන 1.5 කි.

මේ අනුව මේ වසර තුළ මෙරට සංචාරක පැමිණීම රජයේ මුල් ඉලක්කයට ආසන්න වෙමින් 2023 වසරේදී මෙරටට සංචාරකයින් 1,487,303ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2022ට සාපේක්ෂව 2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින්ගේ වර්ධනය 106.6%කි.

2019 වසරෙන් ඇරඹි පාස්කු ඉරිදා ප්‍රහාරය, ගෝලීය කොරෝනා වසංගතය සහ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් අඩියටම ඇදවැටුණු ශ්‍රී ලංකාවට සංචාරක ක්ෂේත්‍රයේ මෙම පිබිදීම ආර්ථිකය නගාසිටුවීමේ අතිමහත් පිටිවහලක් වේ.

පහත දැක්වෙන්නේ ගෙවුණු මාසයේදී මෙරට සංචාරකයන්ගේ පැමිණීමේ දත්ත විශ්ලේෂණයයි.

ගෙවුණු දෙවසර තුළදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීමේ ප්‍රවණතා පිළිබඳ දත්ත මගින් සළකා බැලීම පහතින්.

ගෙවුණු වසර 10ක් තුළදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සිදුවූ වෙනස්කම් පහත දත්ත, ප්‍රස්ථාර ඔස්සේ දැකගත හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්