නවතම පුවත්

මෙරට සෑම 20 දෙනෙකුගෙන් එක්කෙනෙක් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් – අධිකරණ ඇමති

අසංක

අසංක

සංඛ්‍යාලේඛන අනුව පන්ලක්ෂ පනස් තුන්දහසක් එනම් 20 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවත් මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයා කටයුතු කරන බවත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කලුතර වියන්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ‍(01) පස්වරුවේ එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා මෙසේ ද කීය.

“2015 වර්ෂයේ අපේ රජය යන විට ලංකාවේ කුඩු සම්බන්ධ නඩු තිබුණේ 6600යි. මම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක පසුගියද සාකච්ඡා කළා. 2016 නඩු 8000 ක් වුණා. 2017 වන විට ඒ තත්වය 11000 ක් වෙලා. 2018 වන විට 12000 ක් බවට පත්වෙලා. පසුගිය අවුරුද්දේ නඩු 16000ක් බවට පත් වෙලා තිබෙනවා. මේ අවුරුද්දේ මේ මාස කිහිපයට මේ දක්වා කුඩු සම්බන්ධ නඩු 13000ක්
වාර්තා වෙලා තිබෙනවා. මේ තත්වයෙන් මේ රට බේරගන්න ඕන.”

එමෙන්ම මේ රටේ ජාතික සමඟිය ඇති කිරීමට තමා සියලු ආකාරයෙන් කටයුතු කරන බවද අමත්‍යවරයා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්