නවතම පුවත්

මෙරට සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට ඉන්දියානු ආයෝජන !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ අවධානය යොමු වී ඇත. ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා 2021 අගෝස්තු 03 වැනි දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. බෞද්ධ වන්දනා වැඩසටහන් වැනි සංස්කෘතික හා ආගමික අංගවලින් සමන්විත මෙම සන්ධිස්ථාන සැමරුමේ දී, වඩාත් වැදගත් ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම මඟින්, දෙරට අතර පවත්නා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත.

රජය විසින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දක්වන ප්‍රමුඛතාව පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සඳහා ඉන්දියානු පෞද්ගලික අංශයට ආරාධනා කළේය. රජයේ එම පියවර අනුමත කරමින්, පුනර්ජනනීය බලශක්ති අංශයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉන්දියානු ආයෝජකයින් උනන්දු වන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්තිය, ගුවන් සම්බන්ධතාව, අන්‍යෝන්‍ය වෙළඳාම සහ ආයෝජන ව්‍යාපාර පිළිබඳ ඒකාබද්ධ කොමිසම්, ශ්‍රී ලාංකික චිත්‍රපට ඩිජිටල්කරණය සඳහා තාක්‍ෂණික සහයෝගීතාව සහ බිම්ස්ටෙක් සංවිධානයේ කලාපීය සහයෝගීතාව වැනි පුළුල් පරාසයක අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහය වෙනුවෙන් ඉන්දීය රජයට සහ එහි ජනතාවට ස්තූතිය පිරිනැමූ අමාත්‍ය ගුණවර්ධන මහතා, ආර්ථික කටයුතු සඳහා රට විවෘත කිරීම පිළිබඳව ප්‍රශංසා කළේය. මහ කොමසාරිස්වරයා, සම්පූර්ණයෙන් එන්නත් ලබා දී ඇති ඉන්දියානුවන් සඳහා මෙරටට ඇතුළුවීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ඉවත් කිරීම පිළිබඳව අගය කරමින්, එසේ සීමා ඉවත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ සමස්ත ආර්ථිකයටම ඉමහත් ප්‍රතිලාභ ලැබෙන බව පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්