මෙරට 8 වැනි කොරෝනා මරණය වාර්තා වේ

Picture of අසංක

අසංක

 

නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය මෙරට 8 වැනි පුද්ගලයා අද  පස්වරුවේ මියගොස් ඇත.

කොරෝනා හේතුවෙන් මෙරටදී මියගිය ප්‍රථම කාන්තාව ලෙසද මය වාර්තාගතවේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හවිරීදි කාන්තාවක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

එසේම ඇය කොරෝනා වෛරස රෝගයට අමතරව වකුගඩු රෝගයෙන්ද පෙළෙමින් සිටි බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත .

මි හෝමාගම රෝ‍‍හලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ අදාළ කාන්තාවගේ අවසන් කටයුතු මීට සුළු වේලාවකට පෙර කොටිකාවත්ත සුසාන භූමියේ දී සිදු කර ඇත.