නවතම පුවත්

කොරෝනාවට විදෙස් ආධාර ලැබී නෑ

අසංක

අසංක

 

• අගමැති මහින්ද හි.මන්ත්‍රි හමුවෙදි කියයි
• සම්බන්ධගෙන් මහින්දට ඉල්ලීමක්
• හි.ජනපිත් මෛත්‍රි ප්‍රමාදවී පැමිණෙයි

 

 

කොවිඩ්-19 වසංගතයට අදාලව විදෙස් ආධාර මෙතෙක් මෙරටට ලැබී නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ ඊයේ (04) පැවැති සාකච්ඡාවේදී පවසා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළ නිවේදනයක මේ බව සදහන්ය.

අදාල හමුව සදහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු විපක්ෂ නායකයකුවන ආර්.සම්බන්ධන් සහ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් ඇතුළු පක්ෂ විපක්ෂ බොහෝ පිරිසක් එක්ව සිටියහ.

COVID-19 ව්යවසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මෙසේ අරලියගහ මන්දිරය වෙත කැඳවනු ලැබ තිබිණි.

මෙම හමුවට ශ්රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු ක්රොන්ග්රසය, ජාතික නිදහස් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරුසු කච්චි, ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, All Ceylon Muslim Congress, දේශ විමුක්ති ජනතා පක්ෂය, ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්රී ලංකා මහජන පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල හිටපු මන්ත්රීවරු රැසක් මෙන්ම රාජ්ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්රධානින්, සෞඛ්ය අංශ ප්රධානින් හා COVID-19 ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝද සහභාගි වුහ.

• ලෝක බැංකුව විසින් ඇමරිකන් ඩොලර් මිලියන 127 ක ආධාරයක් ලබා දීමට එකඟ වී අත්සන් තබා ඇති නමුත් මෙතෙක් එම මුදල් මෙරටට ලැබී නැතැයි මුදල් අමාත්යංශ ලේකම් පැවසිය.
• සෞඛ්ය අමාත්යංශයේ හා කෝවිඩ් සම්බන්ධ වියදම් පියවා ගැනීමට එම මුදල් හිමි වන බවත් දැනට විදේශ ආධාර වශයෙන් ද්රව්යමය ආධාර ලැබී ඇති බවද මුදල් අමාත්යංශ ලේකම් සඳහන් කළේය.
• කොළඹ ඇතුළු නගරවල සිටින 53000 ක පිරිසක් තම ගම් බිම් වෙත යැවීමට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද මෙහිදී අවධාරණය කළේය.
• රජය වෛරසය මැඩ පැවැත්වීමට ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෞඛ්ය අධ්යක්ෂක ජනරාල් හා බුද්ධි අංශ විසින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කල අතර පි.සි.ආර් පරීක්ෂණ ප්රමාණය වැඩි කිරීමට අවධානය යොමු කෙරිණි.

වෛරසය හේතුවෙන් නිවෙස්වලට සිමා වී සිටින දරුවන්ගේ ප්රශ්න වලට පිළිතුරු දීම සම්බන්ධයෙන් අගමැති කාර්යාලය ගෙන ගිය වැඩසටහනට මන්ත්රීවරුන්ගේ ප්රසාදය හිමිවිය.

මෙම හමුවේදී COVID -19 වෛරස තත්ත්වය පාලනය කිරීම සඳහාත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරලීමට හිටපු මන්ත්රීවරුන් තම අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කළ අතර සුදුසු යෝජනා ඉදිරියේදී ක්රියාත්මක කිරීමට පියවර ගන්නා බව අගමැතිවරයා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්