නවතම පුවත්

මෙරට GPS ට්‍රැකිංග් ක්ෂේත්‍රයේ විප්ලවීය පෙරලියක්….

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති හෙවත් GPS ට්‍රැකින්ග් ක්ෂේත්‍රය ඔස්සේ මෙරට තුල නවතම පෙරලියක් ඇතිකිරීමට 100%ම ශ්‍රී ලාංකීය වූ , අපේම රටේ, අපේම සමාගමක් සමත්ව ඇත .

ව්‍යාපාරික ආයතන සතු රථ වාහන සමූහයන් කළමනාකරණය කිරීම වෙනුවෙන්ම විශේෂයෙන් සකසන ලද මෘදුකාංග ප්ලට්ෆොමයක් මෙම සමාගම විසින් මේ වනවිට නිෂ්පාදනය කර ඇති අතර , එවැනි මෘදුකාංග ප්ලැට්ෆෝමයක් , දේශීය සමාගමක් විසින් නිපදවා ඇත්තේ ප්‍රථම වරටය .

මෙහි ඇති වඩාත් සුවිශේෂී කරුණ වන්නේ ,මුල් වරට ශ්‍රී ලාංකික දැනුම හා කුසලතාවයන් භාවිතා කර , ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින්ම නිෂ්පාදනය කර ඇති මෙම මෘදුකාංගය හා ඊට අදාළ උපාංගයන් , ජාත්‍යන්තර තලයේ මෙවැනි නිෂ්පාදනයන් සියල්ල අභිබවා යන තරම් දියුණු හා කාර්යක්‍ෂම මට්ටමක පැවතීමයි .

Nimbus Ventures නම් මෙම දේශීය සමාගම තම සුවිශේෂී මෘදුකාංග ප්ලැට්ෆෝමය නම්කර ඇත්තේ Nimbus V Connect ලෙසිනි .

මෙම නිපැයුම පිළිබඳව හඳුන්වාදෙමින් සමාගමේ සම නිර්මාතෘ/CEO/CTO සංජය කරුණාසේන මහතා මාධ්‍ය වෙත පැවසුවේ මෙවැන්නකි .

සංජය කරුණාසේන මහතා

” අපගේ මෙම මෘදුකාංගය හා ඊට අදාළ උපාංග වඩාත් ප්‍රයෝජනවත් වන්නේ , භාණ්ඩ ප්‍රවාහනය හෝ බෙදාහැරීම සිදුකරන ව්‍යාපාරික හා නිෂ්පාදන ආයතන සඳහායි . එම ප්‍රවාහන හා බෙදාහැරීම් කටයුතු සඳහා යොදාගන්නා තම රථ වාහන සමුහයන් ඉතාමත් කාර්යක්ෂම හා ක්‍රමානුකූලව කළමනාකරණය කර ගැනීමේ අවස්තාව මේ හරහා අදාළ ආයතනයට හිමිවනවා .

අපගේ මෘදුකාංගය සහිත උපාංගයක් , යම් රථයක සවිකළ පසු , එම රථයේ සියලු ගමන් විස්තර , රථයේ කාර්මික ක්‍රියාකාරීත්වය , හා යාන්ත්‍රණය ට අදාළ තාක්ෂණික කරුණු , ඉන්ධන දහනයට අදාළ තොරතුරු ආදී සියලුම දත්ත වාර්තා , ආයතනයේ කළමනාකාරීත්වයට ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන් .

තත්පර පහ – දහයකට වරක් , ජංගම දුරකථන තීරයකට හෝ පරිඝනක තීරයකට මෙම තොරතුරු ලබාගැනීමටද ආයතන කළමනාකාරීත්වයට හැකියාව ඇති අතරම සතියකට වරක් වාහනය පිලිබඳ සම්පූර්ණ තත්ත්ව වාර්තාවක්ද ලබාදීමට අප කටයුතු කරනවා .”

මෙලෙස රථ වාහන පිලිබඳ තොරතුරු හා දත්ත ලබාගැනීමේ වාසි හා ඵල ප්‍රයෝජන ගැන පැහැදිලි කරමින් අදහස් දැක්වූ සමාගමේ සම නිර්මාතෘ/අධ්යක්ෂ ඩයාන් ජයසේකර මහතා මෙසේ සඳහන් කරයි .

” ප්‍රධාන වශයෙන් , මෙවැනි ආයතනවල රියදුරන් විසින් සිදුකරන විවිධාකාරයේ වංචාවන්, අක්‍රමිකතා පාලනය කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා . වාහනයේ සියලු ගමන් විස්තරයන් මෙන්ම ලබාගන්නා ඉන්ධන ප්‍රමාණය පවා කළමනාකාරීත්වයට දැනගැනීමට ලැබෙන නිසා කිසිදු ආකාරයක වංචාවක් කිරීමට අවස්තාවක් නැහැ .

වාහනයේ ගමන් මග හා එය ඇති ස්ථානයන් නිවැරදිවම සෑම තත්පර පහ – දහයකට වරක්ම ලබාගත හැකි බැවින් , අනවශ්‍ය මාර්ගයක හෝ අනවශ්‍ය තැනක නවතා තැබීමට හෝ වාහනයකට අවස්තාවක් ලැබෙන්නේ නැහැ .

එසේම ආයතනය සතු සියලුම වාහනවල ගමන් විස්තර ඕනෑම මොහොතක, ක්ෂණයකින් ලබාගත හැකි නිසා ,ඒවා නිවැරදිව සම්භන්ධීකරණය කරමින් පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්‍ෂම සේවාවක් ලබාදීමටද අවස්තාව ලැබෙනවා .

වාහනයේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය පිළිබඳවද සියලු තොරතුරු මෙම මෘදුකාංගය ඔස්සේ යාවත්කාලීනව ලබා දෙන බැවින් , රථයේ නඩත්තු කටයුතු පවා නිසි කලට වෙලාවට සිදුකිරීමට හැකියාව ලැබෙනවා . එහිදී වාහනය ගමන් ගන්නා වේගය , පිළිබඳව පවා තොරතුරු ලබාගත හැකි අතර එම තත්ත්ව තොරතුරු , රථයේ ආරක්‍ෂාවට හා කල්පැවැත්මට අතිශයෙන් වැදගත්වෙනවා .

ඩයාන් ජයසේකර මහතා

එපමණක් නොවේ , ඉන්ධන දහනය හා ඉන්ධන වැයවන ආකාරය පිළිබඳව මෙන්ම ටැංකියේ ඉන්ධන ප්‍රමාණය , ගැනත් සම්පූර්ණ තොරතුරු වාර්තා ලබාගත හැකි නිසා ඉන්ධන අපතේ යාම අවම කිරීමට හැකියාව ලැබෙනවා, අනවශ්‍ය ඉන්ධන දහනය පාලනය කරගත හැකිවෙනවා . මෙහිදී රථය ධාවනය කරන වේගය , හා එය පදවන ආකාරය ගැන පවා දත්ත වාර්තා ලබාගත හැකිවීම ඉතා සුවිශේෂයි .”

කිසියම් නිෂ්පාදනයක ගුණ අගුණ ගැන නිවරදිම තක්සේරුවක් දිය හැක්කේ එය පරිශීලනය කරන , එහි පාරිභෝගිකයින්ටය . ඒ අනුව සියයට සියයක්ම ශ්‍රී ලාංකීය වූ මෙම සුවිශේෂී නිර්මාණයේ ප්‍රධානම ගැනුම් කරුවෙකු වන MDK සමාගමේ සාමාන්‍යාධිකාරී චන්න ලියනගේ මහතා Nimbus V Connect ගැන සඳහන් කලේ මෙවැන්නකි .

” මෙම නව මෘදුකාංගය හා ඊට අදාළ උපාංග භාවිතා කිරීමට ගත් පසු අපේ සමාගමේ කටයුතු වඩාත් පහසුවුනා , කාර්යක්‍ෂම වුනා . පිටි ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන සමාගමක් ලෙස අපට දිවයින පුරා අපගේ නිෂ්පාදන බෙදාහැරීමට සිදුවෙනවා . එම ක්‍රියාවලියේදී සිදුවන වංචා , සොරකම් ආදිය ගැන මෙන්ම අපතේ යාම් ගැනත් අපගේ සමාගම ඉතා දැඩි අවධානයක් යොමුකරනවා . අපගේ සමාගමේ හිමිකරු කුලරත්න මහතාද ඒ ගැන ඉතා විමසිලිමත් . එහිදී මෙම Nimbus V Connect අපට ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

මෙම මුදුකාංගයේ භාවිතය නිසා අපගේ නිෂ්පාදන බෙදාහැරීමේදී සිදුකෙරෙන වංචාවන් , සොරකම් සම්පූර්ණයෙන්ම හඳුනාගැනීමටත් , ඒ හරහා ඒවා පාලනය කිරීමටත් අපිට හැකිවුණා .

එසේම මෙම ක්‍රියාවලියේදී අපතේයාම් හා නාස්තීන් සිදුවන ආකාරයන්ද සම්පූර්ණයෙන් හඳුනාගැනීමට අපිට හැකිවුණා. එමගින් එම තත්වයන් පාලනය කර , ආර්ථිකමය වශයෙන් වාසි රැසක් ලබාගැනීමට අපිට හැකිවුනා .

මෙම උපාංගය හරහා අපගේ රියදුරන් වාහනය පදවන වේගය ගැන පවා දැනගන්නට ලැබෙනවා, ඒවගේම රථයේ තිරිංග වල තත්වය අනෙකුත් උපාංගවල ක්‍රියාකාරීත්වය ආදිය ගැනත් දැනගන්න පුළුවන් . බැටරියේ ක්‍රියාකාරීත්වය ගැන පවා තොරතුරු ලැබෙනවා . ඒ නිසා නඩත්තු කටයුතු නිසි වේලාවට කලහැකියි .

චන්න ලියනගේ

දේශීය සමාගමක් වන Nimbus Ventures වෙතින් ලැබෙන සුවිශේෂීවූ අලෙවියෙන් පසු සේවය ගැනද ලියනගේ මහතා විශේෂයෙන් සඳහන් කර සිටී .

” මෙම දේශීය සමාගමෙන් ලැබෙන අලෙවියෙන් පසු සේවය වෙනත් කිසිදු විදේශීය ආයතනයකින් හෝ විදේශීය නිෂ්පාදනයකින් ලැබෙන්නේ නැහැ . ඕනෑම ගැටලුවකදී රථයේ නිරීක්ෂණ සඳහා ඔවුන්ගේ ඉන්ජිනේරුවරුන්ම පැමිණෙනවා .

පැය 24 පුරාම ඔවුන්ගේ විමසීම් අංශ ක්‍රියාත්මකයි . එසේම අලෙවියෙන් පසු සේවය සඳහා පැමිණෙන ඔවුන්ගේ කණ්ඩායම වෘත්තීය මට්ටමේ , ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පිරිසක් වන බවද විශේෂයෙන් සඳහන් කල යුතුමයි .

තත්පර පහ – දහයකට වරක් ස්වයන්ක්‍රීයව යාවත්කාලීන වන තොරතුරු දත්තයන්ට අමතරව , දිනපතා ලැබෙන සාරාංශගත වාර්තා , සංචාර වාර්තා , සතිපතා ලැබෙන සම්පූර්ණ දත්ත වාර්තා , වේග සීමා වාර්තා ආදිය අපේ සමාගමේ නිෂ්පාදන බෙදාහැරීම් කටයුතු සෑම අතකින්ම සාර්ථක කරගැනීමට ඉතා වැදගත් වෙනවා.

විශේෂයෙන්ම ප්‍රවාහනයට අදාළ දත්ත හා බෙදාහැරීම් රටා හඳුනාගැනීමට අදාළ දත්ත වාර්තා අපට ඉතා වැදගත් .

Nimbus V Connect නිසා දත්ත මත පදනම් වූ ප්‍රවාහන පද්ධතියක් හා යාන්ත්‍රණයක් අපට ලැබී තිබෙනවා , එය අපගේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට , නාස්තිය දූෂණය අවම කිරීමට , පාරිභෝගිකයා වෙත ලබාදෙන සේවාව වඩාත් පුළුල් කිරීමට , අතිශයෙන් ඉවහල් වෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්