නවතම පුවත්

මෙවර උසස් පෙළ විභාගයට ඔරලෝසු නීතියක්

Roshan

Roshan


අසංක නවරත්න

මෙවර අපොස උසස් පෙළ විභාගයේ දී දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර බෙදීම හා උත්තර පත්‍ර එකතු කරගැනීමේදී සිදුවන කාලය පිළිබඳ ගැටලු වැළැක්වීම සඳහා එම රාජකාරීයේ නිරත සියලු ශාලාධිපතිවරුන්ට ඔරලෝසු සහ වේලාව තැබීම පිළිබඳ විභාග විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිත්‍ය නියෝගයක් පනවා තිබේ.

ඒ විභාග ශාලාධිපතිවරුන් ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් වේලාව සකස් කරගත යුතු බවට ය.

ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා ඒ පිළිබඳ මෙසේ කරුණු දැක්වීය.
“පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී චෝදනාවක් ආවා විභාග දෙපාර්තමේන්තුවට මධ්‍යස්ථාන තුන හතරක එක්කෝ උත්තර පත්තරය වේලාසනින් එකතු කරලා. නැත්නම් ප්‍රමාද වෙලා දුන්නා කියලා. ඒ නිසා අපි මෙවර නිත්‍ය නියෝගයක් පනවල තියෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා හැටියට සියලුම ශාලාධිපතිවරුන්ට තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රෝනික ඔරලෝසුවකින් සකස් කරගන්න ඕන. ඒ වගේම වේලාව ප්‍රදර්ශනය කරන්න ඕන. තමන්ගේ අත් ඔරලෝසුවේ වෙලාවට සියලුම නිරීක්ෂකයන්ගේ, සහකාර ශාලාධිපතිවරයාගේ වේලාව සකස් කරන්න ඕනේ. එකම වෙලාවයි ශාලාවේ තියෙන්නේ. දූලා පුතාලගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පංති කාමරය භාර ගුරුතුමියගෙන් හෝ ගුරුතුමාගෙන් ඔරලෝසුවේ වෙලාව දැනගෙන ඒ වෙලාවට තමන්ගේ වෙලාවත් හදාගන්න.”
පැතුම් වික්‍රමරත්න

එළඹෙන සතිය ඇතුළත මෙරට බහුතරයකට බූස්ටර් එන්නත ලබාදී එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමට සූදානම්වන  බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ඉදිරි කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන්ද ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැහැදිලි කළේය.

“ලබන සෙනසුරාදාගෙන් එළඹෙන සතිය ඇතුළත අපේ රටේ බහුතරයකට බූස්ටර් එන්නත ලබාදීලා මේ එන්නත්කරණ වැඩපිළිවෙල අවසන් කරන්න තමයි අපේ බලාපොරොත්තුව.”

“පළමු සහ දෙවන එන්නත ලබාගැනීමට සාපේක්ෂව බූස්ටර් එන්නත ලබාගැනීමේ යම් අඩුවක් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව විවිධ පුද්ගලයින්ගේ කඩාකප්පල්කාරී වැඩ. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාර දියත් කෙරෙනවා. විවිධ අතුරු ආබාධ එනවයි කියලා. ඒවා කිසිවක් මේ වනතෙක් තහවුරු වෙලා නෑ.”

“ඒ අනුව ලබන සෙනසුරාදා සිට සතියක් බූස්ටර් එන්නත ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සතිය ඇතුළත බහුතරයකට බූස්ටර් එන්නත ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.”

“ඊයේ වෙනකොට මිලියන 5ක් බූස්ටර් එන්නත ලබාගෙන තිබෙනවා. ජනවාරි 29 වනදාට ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගයට එරෙහි එන්නත්කරණ වැඩසටහනට වසරක් සම්පූර්ණ වෙනවා.”

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ පවතින තත්ත්වය පිළිබඳව අනිසි ලෙස බියවීමට අවශ්‍ය නොවන බවත් එහෙත් සුළුකොට නොතකන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නැවත ඇති වෙන කොවිඩ් තත්ත්වයත් සමග ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල කිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ඔහු පැවසීය.

ඒ හේතුවෙන් දැනට පවතින එකම විසඳුම වන එන්නත්කරණය සම්පූර්ණ කරගන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !