මෙවර ජනාධිපතිවණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට පැයක් වැඩිපුර

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (29) ඉදිරිපත් කළ යෝජනාවට දේශපාලන පක්ෂ එකඟතාව පළ කර ඇත.

අද උදෑසන දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදි මෙම තීරණය ගෙන ඇත. මේ අනුව ඒ අනුව ඡන්ද විමසීම පෙරවරු 07සිට පස්වරු 05 දක්වා සිදුකිරීමට සැළසුම් කර ඇත. මෙලෙස කාලය දීර්ඝ කිරිමට හේතුව වී ඇත්තේ ඡන්ද පත්‍රිකාව අඩි දෙක ඉක්මවා තිබීමයි. ඡන්ද පත්‍රිකාව නිරික්ෂණය කිරිමට හා නැවීමට ගතවන කාලය සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. මේ අනුව ඡන්ද ප්‍රථිපල නිකුත් කිරිමට වැඩි කාලයක් ගතවන බවද සහදන් වේ.